කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24ක කාලය තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම නිසා එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

 

එම ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 - 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු රළ මීටර 03ක් පමණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

 

views

253 Views

Comments

arrow-up