තම නැගෙණියගේ 11 හැවිරිදි දැරිය කෙළෙසූ පාපතරයාට වසර 9කට පසු ලැබුණු දඬුවම

වසර 09කට පෙර අම්බලන්තොට මානජ්ජාව ප්‍රදේශයේදී සිය නැගණියගේ 11 හැවිරිදි බාලවයස්කාර දියණියව කෙළෙසූ වැඩිමහල් සහෝදරයකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 50,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා නියම කරනු ලැබීය.
මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ ආන්දොල, හොරගොඩ, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි එක්දරු පියෙකුටය.
චුදිත පුද්ගලයා 2011.01.01 දින සිය නැගණිය හා නැගණියගේ සැමියා රැකියාවට ගොස් සිටි අවස්ථාවේදී එම නිවසට ගොස් ඇති අතර එහිදී පාසල් අවසන් වී නිවසට පැමිණ සිටි සිය නැගණියගේ බාලයවස්කාර දියණියව දූෂණයට ලක් කර තිබේ.
අදාළ සිද්ධියෙන් පසුව තමාට පාසැල් යෑමට නොහැකි වේවි යන බිය නිසා සහ මෙම සිද්ධිය පිළිබදව මව දැනගත්විට තමන්ට පහරදේවි යන බිය නිසාත් දැරිය මේ පිළිබඳව කිසිවෙකුටත් නොකියා සිට ඇත.
නමුත් පසුව දැරිය විසින් මේ පිළිබඳව දෙමාපියන්ට දන්වා තිබේ. ඒ අනුව දෙමාපියන් විසින් අම්බලන්තොට පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව චුදිතයා අත්අඩංගුවට ගෙන තිබිණී.
ඒ අනුව පැවති නඩු විභාගයේදී පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව පැවති අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා චුදිතට දඬුවම් නියම කරනු ලැබීය.
අදාළ චෝදනාවට වැරදිකරු වු චූදිතට වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර රුපියල් 50,000ක දඩයක්ද නියම කෙරිණි. දඩ මුදල නොගෙවන්නේනම් අමතර වසර 01ක සිර දඬුවමක්ද නියම කෙරුණු අතර අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියම කෙරිණි.
චුදිත එය නොගෙවයි නම් ඉහත දඬුවම් කාලයට අමතරව තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරිණි.
281 Views
Comments