අගමැති මහින්ද ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

ඉන්දීය නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (08) එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වුණා. ඒ, නවදිල්ලි නුවරදීයි. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධාන කර තිබුණා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර්ද හමුවී තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ මෙම සිව්දින ඉන්දීය සංචාරයේදී දෙරටට වැදගත් ක්‍ෂේත්‍ර වැදගත් ගණනාවක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
648 Views
Comments