පෝළිමේ එන්නැයි කියූ ඉන්ධන පිරවුම්හල් සේවකයින්ට එලව එලවා පහරදෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

පෝළිමේ එන්නැයි කියූ ඉන්ධන පිරවුම්හල් සේවකයින්ට එලව එලවා පහරදෙයි

පෝළිමේ එන්නැයි කියූ ඉන්ධන පිරවුම්හල් සේවකයින්ට එලව එලවා පහරදෙයි

මොරවක ඉන්ධන පිරවුම්හලක පැමිණි සේවයේ යෙදී සිටි සේවකයින් තිදෙනෙක්ට යතුරුපැදිකරුවන් කිහිපදෙනෙක් පහරදී පළා යමින්  සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ(30) රාත්‍රී 7.10ට පමණ ඉන්ධන ලබා ගැනීමට මොවුන් පිරිස පැමිණ තිබෙන අතර ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් පෝළිමේ සිට ඉන්ධන ලබාගන්නා ලෙස දැනුම් දී තිබේ.

 

එයින් කෝපයට පත් අදාළ යතුරුපැදිකරුවන් සේවකයින්ට සිදුකල පහරදීමෙන් එක් සේවකයෙකුගේ හිසට වූ තුවාල හේතුවෙන් මොරවක දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.

 

කළුබෝවිටියාන පොලිස් මාර්ග බාධකයේදී පහරදීමෙන් පසු පළා යමින් සිටි යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23, 26 හා 29 හැවිරිදි වියේ පසුවන මොරවක ඉදිකිරීම් සමාගමක සේවය කරන තරුණයින් තිදෙනෙකි.

 

සැකකරුවන් මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

912 Views

Comments

arrow-up