බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයන් ගණන 77ට නගී - මීගමුව බන්ධනාගාරයෙනුත් ආසාදිතයන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
27

බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයන් ගණන 77ට නගී - මීගමුව බන්ධනාගාරයෙනුත් ආසාදිතයන්

බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයන් ගණන 77ට නගී - මීගමුව බන්ධනාගාරයෙනුත් ආසාදිතයන්

බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 කට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (27) තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.

 

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විසින් ඊයේ රැඳවියන් 50දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් 27දෙනෙකු සඳහා කරන ලද පී.සී.ආර්.පරික්ෂණවලදි මෙම රැඳවියන් 9දෙනාට කොරෝනා ආසාදිතවී ඇති බවට හඳුනාගෙන ඇත.

 

මේ අනුව බුස්ස බන්ධනාගාරයේ මේවනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 77කි.

 

මේ අතර මීගමුව බන්ධනාගාරයෙන්ද මුල් වරට වයිරසය ආසාදිත රැඳවූවකු ඊයේ (26 වැනිදා) හමුවිය.

 

කොවිඩ් ආසාදිතයන් වූ මීගමුව බන්ධනාගාරයේ රැඳවූවා මිට දින කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිට මාරු කර එවූ අයෙකි.

 

රැඳවූවෝ තිස් දෙනෙක් එලෙස මාරු කර එවා ඇත්තේ වැලිකඩදී කළ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට පෙරය.

 

මෙම තිස් දෙනාම වයි.ඕ. වාට්ටුවේ වෙනම රැඳවා තැබීමට ගත් පියවර නිසා සෙසු රැඳවූවන්ට වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට හැකි වී ඇත.

 

එසේ නොවූයේ නම් දෙදහස් දෙසියයක් පමණ වන රැඳවූවන්ගේ ආරක්ෂාවට ගැටලුවක් වීමට ඉඩ තිබූ බව එහි ආරංචි මර්ග සඳහන් කළේය.

 

 

views

603 Views

Comments

arrow-up