බටලීයෙන් කොවිඩ් ආසාදිතයන් 112ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
26

බටලීයෙන් කොවිඩ් ආසාදිතයන් 112ක්

බටලීයෙන් කොවිඩ් ආසාදිතයන් 112ක්

පසුගිය දිනවල මීරිගම බටලීය ගම්මානයෙන් කොරෝනා ආසාදිතයන් 112 ක් වාර්තාවී ඇතිබව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

 

දිනකට රෝගීන් හතළිහත් පනහත් අතර ප්‍රමාණයක් මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. 

 

බටලීය ප්‍රදේශයේ පැවති අවමගුලකට සහභාගි වූ පිරිස් විශාල වශයෙන් ආසාදිතයින් බවට පත්ව ඇති බව අනාවරණය වී තිබෙන අතර මේ හේතුව නිසා කොරෝනා ආසාදනය වීමේ තර්ජනයට ලක්ව ඇති ආශ්‍රිතයන් ප්‍රමාණය ගණනය කිරීමට පවා අපහසු තත්වයක් උද්ගතවී ඇති බවද සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

 

තවදුරටත් කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් ඇති වීම වළක්වා ගැනීමට සියලු‍ ජනතාව දැඩි සැලකිල්ලෙන් යුතුව ක්‍රියාකළ යුතු බවද මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී.

views

780 Views

Comments

arrow-up