විශ්වවිද්‍යාල ආරම්භය නැවතත් කල් යයි

කොවිඩ් වෛරස ව්‍යාප්තිය නිසා වසා දැමුණු විශ්වවිද්‍යාල නැවත ආරම්භය තවත් සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය G.L. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
රජයේ සියලුම විශ්ව විද්‍යාල මේ මස 27 වනදා සිට නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මීට පෙර තීරණය කර තිබුණා.
නමුත් මේ වෙනවිට දිවයින තුළ කොවිඩ් තුන්වෙනි රැල්ලක අවදානම මතු වී තිබෙන හෙයින් සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙලෙස විශ්වවිද්‍යාල ආරම්භය කල් දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.
584 Views
Comments