දේශීය සම්පත් විකුණනවට අපි විරුද්ධයි නමුත් ආණ්ඩුවට විරුද්ධ නෑ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

දේශීය සම්පත් විකුණනවට අපි විරුද්ධයි නමුත් ආණ්ඩුවට විරුද්ධ නෑ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (VIDEO)

දේශීය සම්පත් විකුණනවට අපි විරුද්ධයි නමුත් ආණ්ඩුවට විරුද්ධ නෑ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (VIDEO)

කොළඹ වරාය නගරය පිහිටුවීමේ පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (15) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සිය අදහස් පළ කර සිටියා.

 

එම අවස්ථාවට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද එක්ව සිටියා.

 

එහිදී ඔවුන් විසින් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳව සිය අදහස් දැක්වූයේ මෙලෙසින්.

 

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්,

 

"යහපාලන ආණ්ඩුව මේ රටේ තියෙන දේශීය සම්පත් විකුණන්න හදනකොට ඒ හැම වෙලාවකම අපි විරුද්ධත්වය ප්‍රකාශ කළා. විනාශ කරපුවා නැවත වාරයක් ගොඩ නගලා මේ රටේ ඒකීයතාවය ගොඩනගන්නට, ස්වාධීපත්‍ය ගොඩනඟන්නට තමයි අපි මේ හැම දෙයක්ම සිද්ධ කළේ. පෝට් සිටියට අපි පොඩ්ඩක්වත් විරුද්ධ නැහැ. ආයෝජකයෝ එනවට අපි විරුද්ධ නැහැ. නමුත් අපේ රටේ ස්වාධිපත්‍යයට බලවත් හානියක් සිදු කරන චීන කොලනියක් කරන්න යන දේට අපිට විරුද්ධ වෙන්න වෙලා තියනවා. අපි අපේ ලංකාව, චීන කොලනියක් කරන්න සූදානම් නැහැ. ඇතැම් විට මේවා කියනකොට කියනවා ආණ්ඩුවට විරුද්ධව කරන ප්‍රකාශ කියලා. අපි පොඩ්ඩක්වත් ආණ්ඩුවට විරුද්ධ නැහැ. අපි විරුද්ධ වුණොත් නැවත වාරයක් එන්නේ හිටපු අයම තමයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයෙ දැක්ම ඉදිරියට ගෙන යන්න නම් මේ කරන දේවල් පොඩ්ඩකට නවත්තලා සාකච්ඡා කරන්න වෙයි කියලා මම හිතනවා."

 

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා,

 

 

 

views

948 Views

Comments

arrow-up