කටුනායක වෙළද කලාපයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 22ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

කටුනායක වෙළද කලාපයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 22ක්

කටුනායක වෙළද කලාපයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 22ක්

කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තවත් සේවකයින් 22දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

 

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ අද පස්වරු 5.30 වන විට මෙම කොවිඩ් ආසාදිතයින් ගණන හදුනාගත් බවයි.

 

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙද කළාපයෙන් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 39ක් වනු ඇති.

 

මීට පෙර කටුනායක නිදහස් වෙළෙද කළාපයෙන් හදුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17ක් වේ.

 

views

839 Views

Comments

arrow-up