දුරකතන ඇමතුමක් දී "දැන් සැපද?" ඇසූ අයෙක් පොලිස් අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස් වූ පුද්ගලයෙකු මොරටුව නගරාධිපතිවරයාට ලබාදී ඇති දුරකථන ඇමතුමක් හේතුවෙන් මොරටුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා මීට පෙර නගරාධිපති වරයා සමග ආරවුලක් ඇති කරගත් ඇතිකර ගත් අයෙකි.
එම ආරවුල පිළිබඳව තවමත් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර එම කාලය තුළ නගරාධිපතිවරයාට තර්ජනය නොකරන ලෙස සැකකරුට අධිකරණය නියෝග දී තිබුණි.
එවන් පසුබිමක මෙම සැකකරු නගරාධිපතිවරයා අමතා "දැන් සැපද?" යනුවෙන් අසා ඇත.
මේ පිළිබඳව නගරාධිපතිවරයා කල පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණි.
source: hirugossip
1489 Views
Comments