විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කල යුතුයි - බන්දුල ගුණවර්ධන
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
27

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කල යුතුයි - බන්දුල ගුණවර්ධන

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කල යුතුයි  - බන්දුල ගුණවර්ධන

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් සහය ලබාගත යුතු බවය.

 

"රට ඇතුළෙ සල්ලි ප්‍රශ්නයක් නම් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඕන්නම් උද්ධමනයක් ඇති වෙයි.

එහෙම ඇති වුණත් කමක් නෑ කියලා ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන්. බැහැයි අපිට ඩොලර් අච්චු ගහන්න බෑ.

විදේශ මුදල් අපි උපයන්න ඕනේ.

උපයන්න තිබුණු ප්‍රධානම මාර්ගය සංචාරකයින්.

ඊළඟට, අපේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යවල සැපයුම් ජාලය අඩපණ වෙලා.

එහෙමනම් අපිට අන්තර්ජාතික වශයෙන් පසුගිය රජය විසින් ලබාගෙන තියෙන ගෙවාගන්න බැරි විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා ජාත්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කළ යුතුව තිබෙනවා."

 

යනුවෙන් ද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය

 

 

 

views

537 Views

Comments

arrow-up