සාක්ෂි නොකැඳවාම බැසිල් නිදහස් වෙයි ද ? – තීරණය 30 වනදා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

සාක්ෂි නොකැඳවාම බැසිල් නිදහස් වෙයි ද ? – තීරණය 30 වනදා

සාක්ෂි නොකැඳවාම බැසිල් නිදහස් වෙයි ද ? – තීරණය 30 වනදා

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහි නඩුවෙන් විත්තියේ සාක්ෂි නොකැඳවා එම විත්තිකරුවන් නිදහස් කරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් වන තීන්දුව මේ මස 30 දා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා.

 

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

 

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වනවා.

 

මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එල්ලකර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්ති වාචකය නොකැඳවා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස පසුගිය දා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ලිඛිත දේශන භාරදී තිබුණා.

 

එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරු නම් කර තිබෙනවා.

 

views

643 Views

Comments

arrow-up