කොවිඩ් සුව වී දින 14න් PCR නොකර නිවසට ආ පුද්ගලයෙකුට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

කොවිඩ් සුව වී දින 14න් PCR නොකර නිවසට ආ පුද්ගලයෙකුට කොරෝනා

කොවිඩ් සුව වී දින 14න්  PCR නොකර නිවසට ආ පුද්ගලයෙකුට කොරෝනා

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පුද්ගලයන් 08 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

 

සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර එකම පවුලේ සිව්දෙනෙකු හා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකුවන බවය. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා පසුගිය 13 වනදා මෙරටට පැමිණ ඇති අතර පසුව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබුණි.

 

ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ, පසුගිය මස 25 වනදා සිදුකළ PCR පරීක්ෂණයේදී ය.

 

පසුව ඔහුට ප්‍රතිකාර සිදුකිරීමෙන් දින 14කට පසු PCR පරීක්ෂණයකින් තොරව නිවසට එවා තිබේ. තවත් දින 14ක් නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඔහුට, යළි වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ

දෙරණ

 

 

 

 

views

686 Views

Comments

arrow-up