බ්‍රැන්ඩික්ස් පොකුරේ බහුතරයකට කොවිඩ් රෝග ලක්ෂණ නැහැ

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ රෝගීන්ගෙන් බහුතරයක් රෝගී ලක්ෂණ වලින් තොරව වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඊයේ (09) දිනයේදී මිනුවන්ගොඩ පොකුර ආශ්‍රයෙන් ආසාදිතයින් 30දෙනෙකු හදුනා ගැනුණි.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 1083කි.
මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4523 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් 3296 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1214 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
716 Views
Comments