අවම බස් ගාස්තුව රුපියල් 03කින් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
14

අවම බස් ගාස්තුව රුපියල් 03කින් ඉහළට

අවම බස් ගාස්තුව රුපියල් 03කින් ඉහළට

ඉන්ධන අර්බුදය හමුවේ බස් ගාස්තු සංශෝධනයක් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කෙරුණා.

 

ඒ අනුව එම තීරණය ක්‍රියාත්මක කරමින් ඔවුන් විසින් නව බස් ගාස්තුව ඉදිරිපත් කරමින් නිවේදනයක් ද මුදා හැර තිබෙනවා.

 

එම නිවේදනයට අනුව නව බස් ගාස්තු සංශෝධනය ලෙස බස් ගාස්තුව අවම ගාස්තුව වශයෙන් රුපියල් 03කින් ඉහළ ගියා.

 

ඉන්ධන මිල ඉහල දැමීමත් සමඟ බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් අවශ්‍ය බව බස් සංගම් කළ ඉල්ලීමක් අනුව ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ ඊයේ (13) පැවති සාකච්ජාවේ දී යෝජනා කෙරුණේ අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් හෝ තුනකින් ඉහළ දැමීමට යි.

 

එම ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට අද (15) ඉදිරිපත් කිරීමට නියමිත යි.

 

එමෙන්ම ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂ ව පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දමන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි සඳහන් කළා

views

485 Views

Comments

arrow-up