දකුණු කොරියාව අනතුරක - උපත් වලට වඩා මරණ ඉහළට

දකුණු කොරියාවේ 2020 දී ප්‍රථම වතාවට උපත් වලට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වූ අතර, මේ වන විටත් ලෝකයේ අඩුම උපත් අනුපාතය ඇති රට තුළ අලුත් අනතුරු ඇඟවීමක් මතු කරයි.
පසුගිය වසරේ උපත ලැබුවේ ළදරුවන් 275,800 ක් පමණක් වන අතර එය 2019 ට වඩා 10% කින් පහත වැටුණා.
පුද්ගලයින් 307,764 ක් පමණ මිය ගොස් තිබෙනවා.
මෙම සංඛ්‍යා දකුණු කොරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිවල “මූලික වෙනස්කම්” ඉල්ලා සිටීමට පෙළඹවීමක් කරයි.
පහත වැටෙන ජනගහනය රටකට දැවැන්ත පීඩනයක් ඇති කරයි. සෞඛ්‍ය සේවා හා විශ්‍රාම වැටුප් සඳහා වන ඉල්ලුම ඉහළ යන විට රාජ්‍ය වියදම් සඳහා වන පීඩනය වැඩිවීමට අමතරව, තරුණ ජනගහනය අඩුවීම ද ආර්ථිකයට සෘජුවම බලපාන ශ්‍රම හිඟයට හේතු වනවා.
පසුගිය මාසයේදී ජනාධිපති මූන් ජේ-ඉන් විසින් අඩු උපත් අනුපාතිකයට විසඳුම් සෙවීමේ ප්‍රතිපත්ති කිහිපයක් දියත් කළා.
මෙම යෝජනා ක්‍රමය යටතේ, 2022 සිට උපත ලබන සෑම දරුවෙකුටම දරු ප්‍රසූතියට පෙර වියදම් වොන් මිලියන 2 ක (ඩොලර් 1,850; £ 1,350) මුදල් වෙන් කර තිබෙන අතර ප්‍රසාද දීමනාවක් ලෙස ඔවුනට ලැබෙනු ඇත. දිරි දීමනාව 2025 සිට සෑම මසකම වාෙන් 500,000 දක්වා ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.
635 Views
Comments