අත්අඩංගුවටපත් “ඩුබායි සුද්දාට” අධිකරණයෙන් ඇප

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් විදේශගත කිරීමේ චෝදනා මත නිශාන්ත ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (28) කඩුවෙල මහෙස්ත්‍රාත් ශ්‍යාමිනී විජේබණ්ඩාර මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය කළ දැනුම් දීමකට අනුව ඔහු ඊයේ පෙරවරුවේ එම කාර්යාංශයට පැමිණ තිබිණි. එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
කඩුවෙල මහෙස්ත්‍රාත් ශ්‍යාමිනී විජේබණ්ඩාර මහත්මිය මෙහිදී නිශාන්ත ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා මුදාහැරීමට නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.
202 Views
Comments