15 වැනි කොවිඩ් මරණකරුගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරේ

කොවිඩ් වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කුලියාපිටිය පොදු ආදාහනාගාරයේ දී සිදු කළා.
මෙරට 15 වැනි කොවිඩ් මරණය ලෙසයි එය වාර්තා වුණේ.
මිය ගොස් ඇත්තේ කුලියාපිටිය ඌරලිය කිතලව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු පසුගිය 14 වැනිදා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි බවයි කුලියාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ.
රෝගියා සම්බන්ධයෙන් සිදු කළ තෙවන පීසීආර් පරීක්ෂණ වාර්තාව අනුවයි කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ.
742 Views
Comments