ගෝටාගෝ ගමට කෙහෙළියගෙන් අභියෝගයක්..!
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

ගෝටාගෝ ගමට කෙහෙළියගෙන් අභියෝගයක්..!

ගෝටාගෝ ගමට කෙහෙළියගෙන් අභියෝගයක්..!

ගාලූමුවදොරට රැස්ව සිටින පිරිස් 225 ම ගෙදර යන ලෙසට උද්ඝෝෂණය කළත් ජනතාව විසින් පාලිමේන්තුවට පත්කර යවා තිබෙන පිරිසට හැර වෙනත් කණ්ඩායමකට බලය ලබා දීමේ ක්‍රමවේදයක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

 

එවැනි යාන්ත්‍රනයක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ගාලුමුවදොරට රැස්වී සිටින උද්ඝෝෂකයින්ට ඔහු අභියෝගයක් ද එල්ල කර සිටිනවා.

 

ඔහු ඒ බව අවධාරණය කර සිටියේ පසුගිය (16) දින මහනුවරදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා,

 

“පාර්ලිමේන්තුවේ 225 ඉවත් වෙලා අපි ඊළඟට රටේ පාලනය භාර දෙන්නේ කාටද කියන ප්‍රශ්නය තිබෙනවා.

 

එහෙම බාරදෙන යාන්ත්‍රණ කුමක්ද කියලා මේ යෝජනා ඉදිරිපත් කරන අයගෙන් මම අහනවා.

views

530 Views

Comments

arrow-up