ඇපල් බද්ධ 200%කින් ඉහළ ගිහින් පලතුරු මිළ ඉදිරියේදී කිහිප ගුණයකින් ඉහළට

ආනයන සීමා කළ ඇපල් සඳහා බද්ද 200%කින් ඉහළ දමා ඇති බව පලතුරු ආනයනකරුවෝ පවසනවා.
මිදි සහ දෙළුම් සඳහා බද්ද 50%කින් වැඩි කර ඇති බවත් දොඩම්, නාරං, වියළි මිදි සහ පෙයාස් ඇතුළු සියලුම ආනයනික පළතුරුවල බදු ඉහළ දමා ඇති බවත් ආනයනකරුවෝ ප්‍රකාශ කරනවා.
මෙම ආනයන සීමාව පැනවීමට පෙර ඇපල් කිලෝවක් සඳහා පැවති රුපියල් 100ක බද්ද මේ වන විට රුපියල් 300ක් දක්වා ඉහළ දමා ඇති බව පවසන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පලතුරු ආනයනික සමාගමක නිලධාරියෙක් මේ නිසා දෙළුම් කිලෝවක් සඳහා පැවති රුපියල් 200ක බද්ද රුපියල් 300 දක්වා ඉහළ දමා ඇති බව ද සඳහන් කළා.
මෙම බදු ඉහළ දැමීමත් සමග ඉදිරියේදී ඇපල්, මිදි සහ දෙළුම් ඇතුළු ආනයනික පලතුරු මිල කිහිප ගුණයකින් ඉහළ යනු ඇතැයිද ආනයනකරුවෝ පවසනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස පලතුරු වර්ග කිහිපයක් ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයැයි භාණ්ඩ වර්ග 367 ආනයන සීමා කිරීමට රජය ඊයේ පියවර ගත්තා.
622 Views
Comments