යුධ හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් උසස්වීම් රැසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

යුධ හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් උසස්වීම් රැසක්

යුධ හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් උසස්වීම් රැසක්

යුද හමුදාවේ නිලධාරීන් 514දෙනෙකුට සහ සෙසු නිලයන් 14,140දෙනෙකුට නිල උසස්වීම් ලබාදුන් බව යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාවේ 71 වන සංවත්සරය සහ ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදි තිබෙන යුද හමුදා දිනය නිමිත්තෙන් සිය පණිවුඩය නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාධිපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මේ දක්වා නිලධාරීන් 1984 දෙනෙකුට සහ සෙසුනිලයින් 41,910 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇත.

යුද හමුදාවේ සියලුම නිලයින්ගේ උපාය මාර්ගික හා තාක්‍ෂණික නිපුණත්වය තවදුරටත් ප්‍රවර්ධන කර ඉදිරි ගමනට ධනාත්මක ආකල්ප දියුණු කිරීමේ අරමුණින් තමා විසින් මෙම උසස්වීම් ලබා දුන් බව 71 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද හමුදාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.

 

views

826 Views

Comments

arrow-up