ප්‍රදේශ රැසකට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පෙබරවාරි මස 28 වැනිදා වන විට ගිණිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී.(25-35) පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද රළු දක්වා වේ.
624 Views
Comments