AUG
23
සුප්‍රසිද්ධ හිමිනමගේ ප්‍රාඩෝ රථයෙන් හමුවූ අරක්කු

මහනුවර සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට අයත් බව කියන ප්‍රාඩෝ වර්ගයේ අධිසුඛෝපබෝගි ජිප් රියෙන් අරක්කු බෝතල් 25 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මැණික්හින්න පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැණුනු පුද්ගලයා ජීප්රථයේ රියදුරු බවත් ඔහු මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් පොලිසිය කළ විමර්ශනවලදි හෙළිව තිබේ.
අත්අඩංගුවටගත් අරක්කු සහ ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථය පොලිසිය භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.
3111 Views
Comments