වට්ස්ඇප් ඔස්සේ නිරුවත පෙන්වීමට ගොස් වැඩ වරද්දා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
07

වට්ස්ඇප් ඔස්සේ නිරුවත පෙන්වීමට ගොස් වැඩ වරද්දා ගනී

වට්ස්ඇප් ඔස්සේ නිරුවත පෙන්වීමට ගොස් වැඩ වරද්දා ගනී

වට්ස්ඇප් වීඩියෝ තාක්ෂණය ඔස්සේ වීඩියෝ ඇමතුම් ලබා ගනිමින් නිරුවත පෙන්වා කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධව දුරකථන විශ්ලේෂණ වාර්තාවක් කොටදෙණියාව පොලිසියට ලබාදෙන ලෙසට එම දුරකථන සමාගම් දෙකෙහි කළමනාකරුවන්ට නියම කරන ලෙසට කොටදෙණියාව පොලිසිය මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා හමුවේ බී වාර්තාවක් ගොනුකරමින් ඊයේ(06) ඉල්ලා සිටියා.


 
 මීගමුව, පිටිපන ප‍්‍රදේශයේ ස්ථිර පදිංචි කොටදෙණියාව, කටුකෙන්ද ප‍්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කරන ඇඟලූ‍ම් කම්හල් සේවිකාවක් විසින් කොටදෙණියාව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කොටදෙණියාව පොලිසිය අධිකරණයෙන් එසේ නියෝගයක් ඉල්ලා සිටි අතර  ඉල්ලීම අනුව එම නියෝගය නිකුත් කෙරුණා.


 
එම ඇඟලූ‍ම් කම්හල් සේවිකාව කොටදෙණියාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ මුහුණුපොතේ සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලාවල පවත්වාගෙන යන දුරකථන සම්බන්ධතාවලට නොදන්නා පුද්ගලයෙකු විසින් ඇමතුම් ලබාගෙන නිරුවත පෙන්වා තමන් දැඩි අපහසුතාවයටත් ලැජ්ජාවටත් පත් කරන බවයි.


 
 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොටදෙණියාව පොලිසියට නියම කෙරුණා.

views

44086 Views

Comments

arrow-up