ජනාධිපති ගෝඨාභය එන්නත් ගැන ජනතාවට බොරු කියා ඇති බවට චෝදනාවක්

FACT-CHECKED MISLEADING
ලංකාවේ ජනාධිපතිවරයා ජනතාව නොමග යවා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ට්විටර් පණිවිඩයක් තබමින් සටහන් කර තිබුණේ ෆයිසර් එන්නත ලබා ගන්නා « පළමු දකුණු ආසියානු රට » බවට ලංකාව පත්ව ඇති බවයි. එය අසත්‍යයකි.
FACT
ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවිඩය (1) මෙසේය;
Gotabaya Rajapaksa “සුබ ආරංචියක් වන්නේ, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ෆයිසර් එන්නත් ලබා ගන්නා පළමු රට බවට පත්වීමයි. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා එන්නත් ලබා දීම සහතික කිරීම සඳහා මගේ රජය විසින් කරනු ලබන කාර්යයන් පිළිබඳව මම ආඩම්බර වෙමි. එන්නත්කරණය රට පුරා සිදු වේ”
නමුත්, යුනිසෙෆ් සංවිධානය විසින් 2021 මාර්තු 25 වැනිදා සිය නිල ට්විටර් ගිණුමේ ඡායාරූපද සහිතව (2) මෙසේ සදහන් තර ඇත.
UNICEF Maldives “තවත් එන්නත් පැමිණ ඇත! COVID19 එන්නත් කිරීමේ ව්‍යාපාරයට සහය දැක්වීම සඳහා COVAX පහසුකම මගින් එවන ලද ෆයිසර් එන්නත් මාත්‍රා 5,850 ක් මාලදිවයිනට ලැබී තිබේ. එන්නත සඳහා මහජන සන්නිවේදනය, සැපයුම්, සැපයුම් සහ සීතල දාම කළමනාකරණය සඳහා යුනිසෙෆ් සංවිධානය මාලදිවයිනේ රජයට සහාය වේ.”
CONCLUSION
මේ අනුව ලංකාවේ ජනාධිපතිවරයා පවසන පරිදි ෆයිසර් එන්නත ලබා ගත් « පළමු දකුණු ආසියානු රට » වන්නේ ලංකාව නොවේ. මීට පෙර අවම වශයෙන් මාලදිවයිනවත් ලංකාවට පෙර එම එන්නත ලබා ගෙන ඇති බව සහතික වී තිබේ.
මේ අනුව, ලංකාවේ ජනාධිපතිවරයා සුපුරුදු පරිදිම කිසිදු තොරතුරක් සොයා බැලීමකින් තොරව මං පොරවාදය අනුව නිකුත් කළ ට්විටර් පණිවිඩයක් බව දක්නට ලැබේ. එහෙයින් ජනාධිපතිවරයා පුරුද්දක් ලෙසම සිදු කරන වගකීම් විරහිත ප්‍රකාශ අතරට මෙම ප්‍රකාශය ද ඇතුළත් වන අතර එම අසත්‍ය පණිවිඩය මගින් ජනාධිපතිවරයා ජනතාව නොමග යවා ඇත.
උපුටා ගැනීම - භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් (Facebook)
1000 Views
Comments