එවරස්ට් කන්ද පළමුව තරණය කලේ එඩ්මන් හිලරිමද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

එවරස්ට් කන්ද පළමුව තරණය කලේ එඩ්මන් හිලරිමද?

එවරස්ට් කන්ද පළමුව තරණය කලේ එඩ්මන් හිලරිමද?

ලොව උසම කන්ද වන එවරස්ට් තරණය කළ පළමු පුද්ගලයා ලෙස ඉතිහාසගතව ඇත්තේ එඩ්මන්ඩ් හිලරි නම් පුද්ගලයායි. ඔහු එම ස්ථානයට ළඟා වීමෙන් පසුව සිදුකළ පළමු කාර්‍ය වන්නේ ඔහු සහ ඔහුගේ කඳු නගින සහයකයා වූ ටෙන්සිං ෂර්පා සමඟ ඡායාරූපයක් ගෙන තමන් එම ස්ථානයට ළඟා වූ බව සහතික කිරීම සඳහා සාධක සැකසීමයි. මෙම සිදුවීම සිදුවී අඩ සියවසක් ඇතත් එඩ්මන් හිලරි ඇතුළු පිරිසට පෙර 1924දී බ්‍රිතාන්‍ය ජාතික දක්ෂ කඳු නගින්නෙකු වන ජෝර්ජ් මල්ලොරි සහ ඔහුගේ සහකරු වන සැන්ඩි ඉර්වින් මෙම කන්ද තරණය කිරීම සඳහා උත්සාහ ගත් බව වාර්තා වෙනවා.

නමුත් එවරස්ට් කඳු මුදුනේ ඉහළට ගමන් කරන අතර මගදි හෝ ගමන් ගොස් ආපසු එන අතර මගදි ඔවුන් දෙදෙනා මියගොස් තිබෙනවා. ඒ අනුව එවරස්ට් කඳු මුදුනට පළමු වරට පා තැබුවේ එඩ්මන් හිලරිමද යන්න පිළිබඳ සැකයක් මතුවෙනවා. කෙසේ නමුත් 1999 දී මල්ලෝරිගේ දේහය සොයා ගත් අතර 37 හැවිරිදි මල්ලෝරි ඔහු සමග ගෙන ගිය කොඩැක් කැමරාව තුළ සැබෑවටම ඔහුගේ ගමනාන්තය පිළිබඳ ඡායාරූප ඇතුළත් විය හැකි බව විශ්වාස කෙරෙනවා. මල්ලෝරිගේ සිරුර අඩි 26000ක් උසින් සොයාගනු ලැබූ අතර ඔහුගේ හිස්කබල ඉරිතලා ගොස් දකුණු කකුල දරුණු ලෙස කැඩී මියගොස් ඇති බව අනාවරණය වුණා. අවාසනාවන්ත ලෙස ඔහු රැගෙන ගියේ කැමරාව ඔහු ආසන්නයේදී සොයා ගැනීමට නොහැකි වූ අතර කැමරාව සොයාගත හැකි වූයේ නම් මේ පිළිබඳ සත්‍ය තොරතුරු ලොවට අනාවරණය කරගත හැකිව පවතින බව විශ්වාස කෙරෙනවා. මෙම කැමරාව අනතුර සිදුවන අවස්තාවේ විනාශ වූයේද නැත්නම් සැන්ඩිගේ සිරුර සමඟ තවමත් සැඟවී ඇත්දැයි කිසිවකුට සිතාගත නොහැක. කෙසේ නමුත් නිව්යෝර්ක් හි ඊස්ට්මන් කොඩැක් සමාගමේ ප්‍රකාශක ජේම්ස් බ්ලැම්ෆින් රොයිටර් පුවත් සේවයට වැඩි දුර විස්තර පෙන්වා දෙන්නේ කැමරාවේ තත්වය ගැන නොදැන එය සංවර්ධනය කිරීම සහ එහි පින්තූර ලබා ගැනීමේ හැකියාව පවතී දැයි යන්න පිළිබඳ අදහස් දැක්විය නොහැකි බවයි.

 

දැනට අසු තුන් හැවිරිදි එඩ්මන් හිලරි විසින් පසුගිය මාසයේදී එවරස්ට් කඳු තරණයේ සිය පනස් වන සංවත්සරය සැමරීමේ උළෙල පැවැත්වූයේ නේපාලයේ කත්මණ්ඩු නුවරයි. කඳු තරණය අතරේදී අතරෙදි 1924 මල්ලෝරි මිය ගොස් ඇත්තේ ඔහු එවරස්ට් කඳු මුදුනට ළඟා වන විටද නැතිනම් එවරස්ට් කඳු තරණය කොට ආපසු එන අතරතුරද යන කාරණය පිළිබඳ හරිහැටි තොරතුරු වාර්තා නොවුනත් මෙසේ මියගිය විශිෂ්ඨ කඳු තරණය කරන පුද්ගලයා උදාර චරිතයක් වුවත් අවාසනාවන්ත ලෙස ඔහුට එම කාර්යය සම්පූර්ණ කිරීමේ අවස්ථාව නොලැබී යන්නට ඇති.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1602 Views

Comments

arrow-up