සිසුන්ට චන්ඩිකම් පෙන්වා මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බදුල්ල ප්‍රදේශයේ උපකාරක පන්ති වලට සහභාගි වීමට පැමිණෙන සිසුන් බය කරමින් මුදල් කොල්ල කෑ පුද්ගලයන් දෙදෙනෙක් බදුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස හොඳ 21 හා 22 වියෙහි පසුවන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු තරුණයන් දෙදෙනෙකි.
ඔවුන් කලෙක පටන් මෙලෙස සිසුන්ගෙන් මුදල් කොල්ල කා ඇති අතර සිසුන් දෙදෙනෙකු ගෙන් ලද පැමිණිලි වලට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ සැකකරුවන් ලබන මස පස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබුණි.
581 Views
Comments