රාජාංගනය තැපැල් ඡන්දය හෙට

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් කල්දමා තිබෙන රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්ද විමසීම හෙට (29) දිනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, කලාප අධ්‍යාපන කාර්යාලය යන රාජ්‍ය ආයතන තුළ තැපැල් ඡන්ද කටයුතු සිදුවන බවයි වාර්තා වන්නේ.
එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ කල්දමා තිබූ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද දිනයේදී ආරම්භ වන අතර ලබන 02 වැනිදා වනවිට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැර අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.
665 Views
Comments