කරුණාගේ ‘දෙතුන් දාහක් මරපු’ කතාවේ පෙත්සම විසිවෙයි

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද රීට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.
කරුණා අම්මාන් විසින් සිදුකරනු ලැබූ හමුදා සාමාජිකයන් දෙතුන් දාහක් එක දවසට මරා දැමූ බවට කළ ප්‍රකාශය මුල්කරගෙන කඩුවෙල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙක් වන බෝසත් කලහපතිරණ විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කරනු ලැබ තිබිණ.
766 Views
Comments