සැක කටයුතු ලෙස යාත්‍රා කල ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

සැක කටයුතු ලෙස යාත්‍රා කල ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා අද (31) උදෑසන ගාල්ල ධීවර වරාය ආශ්‍රිත මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවකට පරීක්ෂා කිරීමේ සංඥා නාවික හමුදා නිලධාරීන් විසින් නිකුත් කර තිබුණි.
එහෙත් අදාළ යාත්‍රාව ගොඩබිම දෙසට යාත්‍රා කර ඇති අතර පසුව නාවික හමුදාව එය සිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු පළාගොස් ඇති අතර පළාගිය පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබේ.
අනතුරුව එම යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 3 දෙනෙක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
එම යාත්‍රාව මේ වනවිට දැඩි පරීක්ෂාවට ලක් කරමින් සිටින අතර එහි මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීතිවිරෝධී දෙයක් පවතින බවට සැක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
624 Views
Comments