මියගිය කාන්තාවකගේ මල සිරුර හොර රහසේ වලදැමිමේ සිද්ධිය ගැන පොලිසිය පරීක්ෂණ

බේරුවල, චීනකොටුව ප්‍රදේශයේ පිහිටි නිවසක මියගිය 78 හැවිරිදි කාන්තාවක් හොර රහසේම වළ දමා තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා
පවුලේ සාමාජිකයින් සිවුදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග නිරෝධායනයට ලක්කර තිබෙනවා
එම නිවසේ පිරිස නිරෝධායනයට ලක්කර තිබු බවත් ඒ අතර කාලය තුළ දිනක සවස 4ට මියගිය කාන්තාව රාත්‍රී 8 වන විට හොර රහසේම වළ දමා තිබු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අක්කරගොඩ ග්‍රාම නිලධාරිවරයාද බේරුවල පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇත.
මෙම නිවසේ පුද්ගලයින් නිරෝධායනය කර තිබීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරිමට අදාළ නිවසට යෑමට පොලිසියට සහ සෞඛ්‍ය සේවකයින්ට බාධාවක් එල්ලවී ඇත.
675 Views
Comments