ගෑස් මිල ආයෙත් ඉහළ නගියි ? - රාජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේදී කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
10

ගෑස් මිල ආයෙත් ඉහළ නගියි ? - රාජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

ගෑස් මිල ආයෙත් ඉහළ නගියි ? - රාජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

ගෑස් මිල ඉදිරියේදී වැඩි විය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. සත්‍ය තත්ත්වය පැවසීමට තමා නොපැකිළෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පැවති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

 

කෙසේ වෙතත් ගෑස් හිඟයට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 

අද රටේ ගෑස් පුපුරන්නේ නැතැයිද ඔහු ප්‍රකාශ කළ අතර ගෑස් සිලින්ඩර සහ උපකරණ සම්බන්ධයෙන් ප්‍රමිතීන් හඳුන්වා දී ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

ගෑස් හිඟය පරිපාලනමය ප්‍රශ්නයක් නිසා පමණක් සිදු වූවක් නොවන බව පැවසූ අමාත්‍යවරයා ලෝකයේ වැඩිම ගෑස් මිල අද වාර්තා වී ඇති බව ද ප්‍රකාශ කළා.

 

ගෑස් පිපිරීම් වලින් විපතට පත්වූ ජනතාවට වන්දි ලබා දීමේ කටයුතු තවදුරටත් සිදු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

views

482 Views

Comments

arrow-up