උදෑසන කාලයේ ප්‍රදේශ කිහිපයකට සුලු වැසි තත්වයක් - සවස් කාලයේදී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
23

උදෑසන කාලයේ ප්‍රදේශ කිහිපයකට සුලු වැසි තත්වයක් - සවස් කාලයේදී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

උදෑසන කාලයේ ප්‍රදේශ කිහිපයකට සුලු වැසි තත්වයක් - සවස් කාලයේදී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

 

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

කළුතර සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

 

views

676 Views

Comments

arrow-up