තියුණු ආයුධත් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් පසුපස හඹාගිය පොලිසිය තල්පිටිය ප්‍රදේශයේදී නවතා ප්‍රධාන සැකකරු සමග තියුණු කඩු තොගයක් සහ තවත් උපකරණ රැසක් සොයාගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් ප්‍රතිවාදී පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම කර ඇතැයි පොලිසිය කීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාට ලද තොරතුරක් මත මොරටුව දෙස සිට කළුතර දෙසට ගමන් ගත් මෝටර් රථය පානදුර නගර මධ්‍යයේදී විශේෂ මාර්ග බාධකයක් යොදා නැවතීමට අණකර ඇති අතර , එය නොනවත්වා කළුතර දෙසට පලාගොස් ඇතැයිද පොලිසිය කීය.
පානදුර දකුණ පොලිසියේ අපරාධ මැඩලීම් සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් අධිවේගී යතුරු පැදිකරුවන් දෙදෙනකු ගාලුපාර ඔස්සේ කිලෝමීටර් 5 ක් පමණ මෝටර් රථය ලුහුබැඳ ගොස් ඇති අතර , තල්පිටිය පාලම ආසන්නයේදී මෝටර් රථය අතුරු මාර්ගයක සිරවී ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මෝටර් රථයේ සිටි සැකකරුවන් තිදෙනකු පලා ගොස් ඇති අතර, එහි තිබී තියුණු කඩු 6 ක්, කළු පැහැති සම්පූර්ණ මුහුණු ආවරණ 5 ක් , ජැකට් 4 ක්, ජංගම දුරකථන 4 ක් සොයාගෙන මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ බෝඹුවල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
181 Views
Comments