සාදයකට ගිය යුවලකට මහමගදී ප්‍රහාරයක්, කාන්තාව මිය යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

සාදයකට ගිය යුවලකට මහමගදී ප්‍රහාරයක්, කාන්තාව මිය යයි

සාදයකට ගිය යුවලකට මහමගදී ප්‍රහාරයක්, කාන්තාව මිය යයි

ඊයේ (23) රාත්‍රියේ බොරලැස්ගමුව බොරුපන පාලම අසළ දී තියුණු ආයුධයකින් පහර දීමෙන් කාන්තාවක් ඝාතනය කර තිබේ.

 

මියගිය කාන්තාවගේ හිතවතෙකු විසින් සාදයක් සඳහා පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලබාදී ඇත.

 

ඒ අනුව මෙම කාන්තාව සිය සැමියා ද සමඟ සාදයට යෑම සඳහා බොරුපාන පාලම අසලට පැමිණ සිටිය දී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත.

 

පොලීසිය ප්‍රකාශ කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පසුපැදිකරු විසින් ඇයට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.

 

පහර කෑමෙන් තුවාල ලැබූ කාන්තාව සහ ඇගේ සැමියා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කාන්තාව මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 34 හැවිරිදි කාන්තාවකි.

 

ඝාතනය සිදුකර පලා යාමට තැත්කළ යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනාව ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන ඇත.

 

ඝාතනය සිදු කළ පසුපැදිකරු ද ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කරයි.

 

මෙම යුවළට සාදය සඳහා ආරාධනා කළ ඇත්තේ ද ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් ම බවට සැකකෙරෙන අතර පොලීසිය ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

 

views

239 Views

Comments

arrow-up