එළවළු මිල පාලනයට ලබන සතියේ සිට විශේෂ ක්‍රමවේදයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

එළවළු මිල පාලනයට ලබන සතියේ සිට විශේෂ ක්‍රමවේදයක්

එළවළු මිල පාලනයට ලබන සතියේ සිට විශේෂ ක්‍රමවේදයක්

පාරිභෝගිකයා අතට එළවළු ලැබීමේදී අධික මුදලක් ගෙවීමට සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙනවා.

 

එළවළු ප්‍රවාහනයේදී අතරමැදියන් වැඩි ලාබයක් ලබා ගැනීම මීට හේතුවයි.

 

එම නිසා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඍජු මැදිහත්වීමෙන් එළවළු මිල පාලනය කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ලබන සතියේ සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

 

ගොවීන්ගෙන් මිලදී ගන්නා එළවළු ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන ඒමට කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවයි නාරාහේන්පිට ර්ථික මධ්‍යස්ථානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මාත්‍යවරයා පැවසුවේ.

 

ආර්ථික මධ්‍යස්ථාන වලින් ලබාගන්නා වෙළඳසැල් වෙනත් වෙළඳාම කටයුතු සඳහා බදු දීම නැවැත්වීම සඳහා ජනවාරි මාසේ ක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

 

 

views

572 Views

Comments

arrow-up