වරක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් හා පොලිතින් ජනවාරි 01 සිට තහනම්

2021 සිට වරක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය තහනම් කිරීම සඳහා සකස් කරන ලද ගැසට් පත්‍රය මේ වනවිට කෙටුම්පත් කර වැඩිදුර උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන ලද බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ දින (23) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව පළමු පියවර වශයෙන් වරක් භාවිතා කර ඉවත ලන සැෂේ, කොට්න් බඩ්, ලන්ච්ෂීට් වැනි පොලීතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග හයක් තහනම් කිරීමට යෝජිතය.
මෙම වරක් භාවිතා කර ඉවත් කරන පොලිතීන් හා ප්ලාස්ටික් තහනම් කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි සතියෙදී නිකුත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කීය.
692 Views
Comments