“අතවර කරලා ගෙල මිරිකා සිරුර ප්‍රපාතයට දැම්මා” - පාසල් දැරිය ඝාතනයේ සැබෑ ඝාතකයා වසර 13කට පසු කල ඇඟ කිළිපොලා යන පාපොච්චාරණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

“අතවර කරලා ගෙල මිරිකා සිරුර ප්‍රපාතයට දැම්මා” - පාසල් දැරිය ඝාතනයේ සැබෑ ඝාතකයා වසර 13කට පසු කල ඇඟ කිළිපොලා යන පාපොච්චාරණය

“අතවර කරලා ගෙල මිරිකා සිරුර ප්‍රපාතයට දැම්මා” - පාසල් දැරිය ඝාතනයේ සැබෑ ඝාතකයා වසර 13කට පසු කල ඇඟ කිළිපොලා යන පාපොච්චාරණය

ශිෂ්‍ය නායක පදක්කම් ලැබී ඊට අදාළ රැස්වීමකට සහභාගී වී, වෙනදාට වඩා ප්‍රමාදව නිවසට යමින් සිටිය දී, එල්ලාවල මහ විදුහලේ ශිෂ්‍යාවක් වූ කුෂාණි පියුමි මාධවිකා ජයසිංහ 2009 ජුනි 23 දින අතුරුදන්ව සිටියාය.

 

වෙනදා ඇය පාසල් ඇරී නිවසට යන්නේ ඇයගේ නිවුන් සොහොයුරා වන අයියාට පෙනි පෙනී එකම මාවතේය.

 

කුෂාන් රන්දු මාධව නිවසට යන විට නංගී නිවසට පැමිණ නොසිටියාය.

 

ඇය එන්නට පමා වන බවක් ඇය ඔහුට කියා තිබුණේ ද නැත.

 

පැමිණි සැනින්ම කුෂාන් ආපසු හැරුණේ නැඟණිය තනියෙන් පාළු මාවතේ එන එක අවදානම් යැයි ඔහුට හැඟුන බැවිනි. ප්‍රධාන පාරේ ගොස් පාසල ඉදිරිපිටට වැටෙන අතුරු මාවතෙන් ගොස් පාසලට ගියත් ඇය එහි නොවීය.

 

ඇය සොයා බලන විට පියුමි පිටකන්ද පාරේ ඉදිරියට ගිය බවට තොරතුරු විය. සොහොයුරාට කිසියම් බියක්ද ඇති විය. ඇය පාරේ ඉදිරියට ගියා නම්, ඇය නිවසේ ද නොසිටි බැවින් ඇය සොයා ඉදිරියට ආ ඔහුට අතර මගදී සොහොයුරිය හමුවිය යුතුමය.

 

කුෂාන් ආපසු එනවිට දෙමව්පියන්ද අසල්වාසීන් ද පියුමි සෙවීමේ කටයුත්තට එක්ව තිබිණි.

 

මනුෂ්‍ය වාසයකින් තොර, කොන්ක්‍රීට් පාර දෙපැත්තෙන්ම මිනිස් උසට වැවී ඇති කැලෑව නිසා පියුමිට සිදුවූයේ කුමක් දැයි කිසිවකුට සිතා ගත නොහැකිව පාර දෙපස පීරනවා හැර කළයුතු වෙනත් කිසිවක් නැති නිසා සියල්ලෝම එය අනුමත කළහ.

 

මේ අතර හඬා වැළපෙමින් දියණිය සොයන අම්මාටත් ආච්චි අම්මාටත් පාරේ පසෙක වැටී තිබුණු අත් ලේන්සුවක් ඇස ගැසුණි. එය අතුරුදන් වූ දියණියගේ ලේන්සුව බව ඔව්හු අඳෝනා නඟමින් පැවසූහ.

 

එයින් පසු පියුමි සෙවූ පිරිස තීරණයක් ගෙන ඒ අවට දැඩි ලෙස පීරද්දී අසල වූ ප්‍රපාතයේ තිබී අතුරුදන් දියණියගේ නිසල දේහය සොයා ගන්න ලදී.

 

ඇහැලියගොඩ පොලිසිය මගින් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත්වරයා ද ගෙන්වා පරීක්ෂා කිරීමෙන්ද අනතුරුව කල පශ්චාත් මරණ පරීක්ෂණයෙන් කියවුනේ ඇයව දූෂණය කිරීමෙන් අනතුරුව ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

 

පොලිසිය මගින් කරන ල ද පරීක්ෂණ අනුව එම ප්‍රදේශයේ සැරිසරණ ලද කොස්ගම ප්‍රදේශයේ පදිංචි හරක් බලන අයෙකුට නඩු පවරන ලදුව ඔහු බන්ධනාගාර ගත විය. මේ වසර කිහිපයකට පෙර සිදුවූ සිද්ධියක ඉතිහාස කතාවයි.

 

මෙයින් පසු දැනට වසරකට පමණ පෙර පරකඩුවේ, දික්දෙණියේ කාන්තාවකගේ ඝාතනයකට අත්අඩංගුවට ගත් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ ඔහු පිළිබඳව ඇහැළියගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන ඇම්. ජී. උදය ශාන්ත මහතාට විශේෂ තොරතුරක් ලැබී ඇත.

 

ඒ අනුව දික්දෙණියේ කාන්තාවගේ ඝාතනයට සැකකරන පුද්ගලයාගේ ඩී. ඇන්. ඒ. පරීක්ෂණයක් සඳහා අධිකරණයෙන් අනුමැතිය ලබා ගන්නා ලෙස, ඇහැලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ උසාවි කටයුතු භාර උප පොලිස් පරීක්ෂක නිමලවීර මහතාට උපදෙස් ලබා දී ඇත.

 

එසේ ලබා ගත් ඩී.ඇන්.ඒ. වසර 13 කට පෙර ඝාතනය වූ කුෂාණී පියුමි මාධවිකා ජයසිංහ සිසුවියගේ ශරීරයෙන් ලබා ගත් ද්‍රව්‍ය සමග සැසඳී තිබේ. එම වාර්තාව ලැබෙන විට, ඇපලබා සිටි සැකකරු ප්‍රදේශයෙන් අතුරුදන්ව සිට තිබේ.

 

නමුත් පොලිස් පරීක්ෂක උදයශාන්ත මහතාගේ දූතයකු මගින් ලද තොරතුරක් අනුව වසර දහතුනකට පෙර පියුමී ශිෂ්‍යාවගේ ඝාතනයටත්, දික්දෙණියේ කාන්තාවකගේ ඝාතනයටත් වගකිවයුතු දික්දෙණියේම පදිංචිකරුවකු වූ විතානගේ ප්‍රේමසිරි (39) නමැති විවාහක දෙදරු පියා සැප්තැම්බර් 28 දින ඇහැලියගොඩ, පලීගල, මියණකොල තැන්නේ නිවසක සිටිය දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

වසර දහතුනකට පෙර දික්දෙණියේ සිට පිටකන්දට පැමිණ පතල් කැපීමට යොදා ගැනීම සඳහා, කැකිල්ල කපමින් සිටින විට ඝාතනය වූ ශිෂ්‍යාව තනියෙන් පාරේ ආ බවද ඒ අවස්ථාවේ ඇති වූ ආශාව නිසා ඇය පිටු පසින් ගොස් කැකිල්ල කැපීමට ගෙනා මන්නයේ නොකැපෙන පැත්තෙන් ඇගේ හිසට පහර දුන් බව ඔහු ප්‍රකාශ කර තිබේ.

 

පසුව කැලයට ඇය ඇදගෙන ඇයට අතවර කිරීමෙන් අනතුරුව ඇගේ ගෙල මිරිකා, අසල තිබූ ප්‍රපාතයට ඇගේ සිරුර පෙරලා දැමූ බවද පසුව එම ස්ථානය පොලිසිය සමග ගොස් පෙන්වා තිබේ.

 

එම ස්ථානය දරුණු ප්‍රපාතයක් සහිත ස්ථානයකි. පියුමිගේ ඝාතනය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ දී ස්ථානීය පරීක්ෂාවට පැමිණි මහෙස්ත්‍රාත්වරයා එම සිරුර තිබූ තැනට යෑමට කඹයක් යොදා ගෙන එහි එල්ලී ගෙන ඉතා අසීරුවෙන් ගමන් කළ බව එම අවස්ථාවේ එහි සිටි පිරිස පවසති. 

views

387 Views

Comments

arrow-up