මංකි ෆොක්ස් රෝගය ලංකාවට එයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

මංකි ෆොක්ස් රෝගය ලංකාවට එයි?

මංකි ෆොක්ස් රෝගය ලංකාවට එයි?

“මංකි ෆොක්ස්” රෝගය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ හැකියාවක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

 

කෙසේ වුවත් කොවිඩ් රෝගය මෙන් නොව මෙම රෝගයේ පැතිරෙන වේගය අඩු බවද හෙතෙම පැවසීය.

 

මංකි ෆොක්ස් බාහිර රෝග ලක්ෂණ වලින් පැහැදිලිව හඳුනාගත හැකි බවත් එසේ හඳුනාගත හැකි හෙයින් රෝගීන් ඉතා ඉක්මනින්ම නිරෝධායනයට යොමු කිරීමට හැකියාව පවතින බවත් මහාචාර්යවරයා කීවේය.

 

මෙම රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් තම විශ්වවිද්‍යාලයේ ප්‍රමාණවත් පරිදි පවතින බවද හෙතෙම සඳහන් කළේය.

views

324 Views

Comments

arrow-up