එළඹෙන උත්සව සමයටත් නිරෝධායන නීති ලෙසම ක්‍රියාත්මකයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

එළඹෙන උත්සව සමයටත් නිරෝධායන නීති ලෙසම ක්‍රියාත්මකයි

එළඹෙන උත්සව සමයටත් නිරෝධායන නීති ලෙසම ක්‍රියාත්මකයි

කොරෝනා වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් ඒ පිළිබඳ අවබෝධයක් ඇතිව ඉදිරියේ පැවැත්වෙන උත්සව කාලසීමාවේදී කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

එළඹෙන උත්සව කාලයේදීත් නිරෝධායන නීති රීතීන් එලෙසම බලපැවැත්වෙන බවක් අනුව ක්‍රියා කිරීමට ජනතාව පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා.

 

නත්තල් සමයේදී නිවෙස් වල පැවැත්වෙන උත්සවයන්ට පවුලේ සාමාජිකයින් පමණක් සහභාගි කරවා ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා දැනුම් දෙනවා.

 

සාප්පු සවාරි යාමේදී ද නිරෝධායන නීති සියයට සියයක් අනුගමනය කරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ.

 

උදෑසන 6න් අවසන් වූ පැය 24 ක කාලය තුළදී ද නිරෝධායන නීතීන් උල්ලංඝනය කළ තවත් 33 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පසුගිය ඔක්තෝම්බර් 31 දා සිට අද දින දක්වා මෙලෙස නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු පිරිස 1289 බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

 

 

 

views

654 Views

Comments

arrow-up