වලපනේ වලකින් මතු වූ මළ සිරුරු

වලපනේ, කුරුඳු ඔය ආසන්නයේ ඇති අඩි 35ක් පමණ ගැඹුරු වළක තිබී පිරිමි පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබෙනවා.
කුඹුරු කෙටීම සඳහා පිටත්ව යන බව පවසමින් ඔවුන් ඊයේ නිවසින් පිටත්ව ගොස් තිබෙනවා .
නමුත් පොලිසිය සැක කරන්නේ ඔවුන් නිධන් හෑරීම සඳහා මෙම ගමන ගිය බවයි.
ඔවුන් අතුරුදන් බවට පැමිණිල්ලක් ද ලැබී ඇතැයි පොලිසිය කියා සිටින්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 63 සහ 45 හැවිරිදි වියේ පසුවන වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
භූමි තෙල්වලින් ක්‍රියාත්මක ජල මෝටරයක් ඇතුළු උපකරණ කිහිපයක් ඔවුන්ගේ මළ සිරුරු යාබදව පවතිනවා
196 Views
Comments