“ගෑස් පිපිරීම්වලට තවමත් වන්දි නෑ” - ගෑස් වින්දිතයන්ගේ සංගමය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

“ගෑස් පිපිරීම්වලට තවමත් වන්දි නෑ” - ගෑස් වින්දිතයන්ගේ සංගමය

“ගෑස් පිපිරීම්වලට තවමත් වන්දි නෑ” - ගෑස් වින්දිතයන්ගේ සංගමය

පසුගිය කාලයේදී නිවාස ආශ්‍රිතව සිදු වූ ගෑස් ලිප් හා උපාංග පිපිරීම නිසා මියගිය හා තුවාල ලැබූ පිරිස්වලට හා දේපළ හානිවලට මෙතෙක් කිසිදු වන්දි මුදලක් ලබාදී නොමැති බව ගෑස් වින්දිතයන්ගේ සංගමය සඳහන් කරයි. 

 

මේ නිසා මෙම පිරිස්වලට වන්දි හා වෛද්‍ය ආධාර  ලබාදීමට රජයට නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව හා ගෑස් වින්දිතයන්ගේ සංගමය මානව හිමිකම් කොළ ඉදිරිපිටදී ඊයේ (22) නිහඬ විරෝධතාවක නිරත විය.

 

 2021 වසරේ අප්‍රේල් මාසයේ සිට 2022 පෙබරවාරි මාසය දක්වා කාලය තුළදී ගෑස් ආශ්‍රිත පිපිරීම් සිද්ධීන් 900කට වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන බවත්, එම සිද්ධීන් නිසා මරණ හතක් සිදුව තිබෙන අතර, මීට අමතරව තුවාල ලැබීමේ විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවත් ගෑස් වින්දිතයන්ගේ සංගමයේ කැඳවුම්කරු මිලීන්ද ප්‍රේමරත්න පැවසීය.

 

ඊට අමරතව නිවාසවලට හානි  සිදුවීම හා භාණ්ඩවලට හානි සිදුවීම වාර්තා වී තිබෙන බවත්, මෙම සියලුම අලාභහානි සඳහා වන්දි ලබාදෙන බවට පැවති ආණ්ඩුව පොරොන්දු වූ බවත් පවසා සිටි හෙතෙම, මියගිය පිලට හා තුවාල ලැබූ පිලට වන්දි ලබාදෙන බවට පොරොන්දු වූ බවද සඳහන් කළේය.

 

තුවාල ලැබූ පිරිස් සඳහා වෙදආධාර ලබාදෙන බවට පොරොන්දු වූ බවත්, මෙම පොරොන්දුවලට අනුව පසුගිය කාලයේදී යම් පිරිසකට පමණක් වෛද්‍ය ආධාර ලබාදී තිබෙන නමුත් එම වැඩපිළිවෙළ මේ වනවිට නැවතී තිබෙන බවත් මිලින්ද ප්‍රේමරත්න පැවසීය.

 

මේ වනවිට ගෑස් සමාගම මාසයකරුපියල් මිලියන 70ක් පමණ ලාභ ලබන ආයතනයක් බවට පත් වී තිබෙන බවට බලධාරීන් ප්‍රකාශ කරන බවත්, මේ නිසා කඩිනමින් මෙම පිරීස් සඳහා වන්දි මුදල් හා වෙදආධාර ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පවසා සිටියේය.
 

views

203 Views

Comments

arrow-up