අද කාලගුණය

සවස් කාලයෙන් පසුව ඌව පළාතේ සහ අම්පාර , මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
බස්නාහිර , සබරගමුව පළාත්වල සහ ගාල්ල , මාතර , නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම්විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල හා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , උතුරු මැද , වයඹ පළාත්වල පැයට කිලෝමීටර 40 - 50,දක්වා සුළං අපේක්ෂා කළ හැක.
කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි.
813 Views
Comments