10,11 ශ්‍රේණි වල විෂය මාලාව කෙටි වෙයි - සා.පෙළ උ.පෙළ පැවැත්වෙන කාලයත් වෙනස් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
04

10,11 ශ්‍රේණි වල විෂය මාලාව කෙටි වෙයි - සා.පෙළ උ.පෙළ පැවැත්වෙන කාලයත් වෙනස් කරයි

10,11 ශ්‍රේණි වල විෂය මාලාව කෙටි වෙයි - සා.පෙළ උ.පෙළ පැවැත්වෙන කාලයත් වෙනස් කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබෙනවා.

 

එම යෝජනාවට ඊයේ (03) දිනයේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

 

මීට අමතරව පාසල්වල 10 සහ 11 ශ්‍රේණි වල විෂය මාලාව වසර 01 මාස 09 කාල සීමාවක් තුළ අවසන් වන ආකාරයට ප්රතිව්යුහගත කිරීමටද අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇති අතර එම යෝජනාවටද අනුමැතිය හිමිව තිබෙනවා.

 

එමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට ගතවන කාලය අවම කිරීම අපේක්ෂා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

 

 

views

1642 Views

Comments

arrow-up