ජවිපේ නායක - පොලිස්පති හමුව අද

රටපුරා පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද උදේ හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය .
එම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවෙමින් පවතින හෙයින් පොලිස්පතිවරයා හමුවී එය නිරවුල් කරගැනීමට අදහස් කරන බවද හෙතෙම සඳහන් කළේය.
ජවිපෙ නායකයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද පසුගියදා කරුණු පැහැදිලි කළේය.
574 Views
Comments