පලා ගිය කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

පලා ගිය කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරයි

පලා ගිය කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරයි

කොරෝනා ආසාදිතව සිටියදී පොලොන්නරුව ගල් ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියන් හතර දෙනෙකුගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

 

ආසාදිත රැඳවියන් පස් දෙනෙකු එක්ව නිසා ඉදිරියේ දී පලා ගිය අතර ඉන් එක් අයෙකු ඊයේ දිනයේදී සොයාගනු ලැබුවා.

 

මෙම රැඳවියන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක අතර ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් ළගම ඇති පොලිසියට හෝ පහත අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

 

පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක - 0718591233

පොලිස් හදිසි ඇමතුම් අංශය -199

 

පලා ගිය රැඳවියන් වන්නේ,

 

නාරම්මල කරගහගෙදර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දඹල්ලගේ බුද්ධික විමලරත්න නම් අයෙක්,

 

මාරවිල පරුෂපාර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අප්පුහාමි,

 

බොරලැස්ස ජයමාවත පාර පදිංචි 36 හැවිරිදි පී.කේ සුමිත් පුෂ්පකුමාර සහ වයික්කාල අංගම්පිටියේ පදිංචි 52 හැවිරිදි නිමල් වසන්ත නොහොත් ගැටයා යන අයයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

686 Views

Comments

arrow-up