මතට ඇබ්බැහිවූවන් වූ රැඳවියන් පුනුරුත්ථාපනයට ජාතික වැඩපිළිවෙළක් - අධිකරණ ඇමති
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

මතට ඇබ්බැහිවූවන් වූ රැඳවියන් පුනුරුත්ථාපනයට ජාතික වැඩපිළිවෙළක් - අධිකරණ ඇමති

මතට ඇබ්බැහිවූවන් වූ රැඳවියන් පුනුරුත්ථාපනයට ජාතික වැඩපිළිවෙළක් - අධිකරණ ඇමති

බන්ධනාගාර රැඳවියන්ගෙන් 52% මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

 

ඔවුන් සමාජගත වී නැවත සිරගත වන බවත් එම පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

 

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සිරගත කිරීම ඊට විසඳුමක් නොවන බවත් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් මේ සඳහා අවශ්‍ය බවත් රජයේ වටහාගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

 

මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයක් සිදුකරමින් සවිස්තරාත්මක වාර්තාවක් සහ මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

 

 

 

views

609 Views

Comments

arrow-up