දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම,ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇතිවේ.

 

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න්පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, කිළිනොච්චිය, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

 

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ත්‍රිකුණාමලය සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසිද ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

කොළඹ සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

කොළඹ සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ මද රළු ස්වභාවයේ පවතී.

 

 

 

views

641 Views

Comments

arrow-up