රංජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිර දඩුවම් විදින රංජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඇපෑල මගින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක ඉදිරිපත් කර ඇත්තේ තමන්ට ලබා දී ඇති වසර හතරක සිර දඬුවම අහෝසි කරන ලෙසයි.
මෙම ඇපෑල විභාගයට ගෙන අවසන් වනතුරු තමන් සිර බාරයේ තබා ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු සිය ඇපෑලෙන් ඉල්ලා තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායකට ඉකුත් ජනවාරි මස 12 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබුවා.
827 Views
Comments