ගංජා වවා රට යැවුවොත් ඩොලර් ගොඩාක් හොයන්න පුළුවන්.. ගංජා තහනම අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්…

ගංජාවලින් ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් මෙරට සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා වැඩි විදේශ විනිමයක් ඉපයිය හැකි බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
අද විෂ සහිත කේරල ගංජා භාවිතා කිරීමට සිදුව ඇත්තේ මෙරට ගංජා තහනම් කිරීමෙන් බවද ඔහු පැවසීය.
ලෝකයේ වෙනත් රටවල නම් විශාල වශයෙන් ගංජා අපනයනය කරන නමුත් රාජ්‍යවාදීන්ට විරුද්ධ ලෙස ශක්තිමත්ව ගැටීම හේතුවෙන් ගංජා බ්‍රිතාන්‍යයන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද බව ද ඉතිහාසයේ ඇතැයිද ඔහු සඳහන් කළේය.
එනිසා විවිධාංගීකරණය කළ යුත්තේ කෙසේ දැයි නැවත සිතා බැලිය යුතු බව ද ඇමතිවරයා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
880 Views
Comments